මාලන් විතාන –
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට අත්කරගෙන ඇති ප්‍රගතිය හා ජයග්‍රහණ මෙන්ම එම ආර්ථික ප්රතිලාභ ජනතාව වෙත බෙදී යන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
තවද, 2027–2029 වර්ෂ සඳහා වන රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මීට අමතරව, APIT (Advance Personal Income Tax) බදු සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් වූ අතර, ඒ පිළිබඳව ඉදිරියේදී යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික කමිටු සාමාජිකයෝ සඳහන් කළහ.
