ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් හා පූජනීය සිදුවීම් රාශියකට මුල් වූ බිනරපුර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී .ඇත.
මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් පන්සිය දෙනෙකු පැවිදිභාවය ලැබීමත් සමග භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ අද වැනි දිනක බව ශාසනික ඉතිහාසයේ සඳහන් .
අෂ් ඨ ගරු පැනවීම, කාන්තාවන්ට පැවිද්ද ලබාදීම සඳහා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස කළ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රතික්ෂේප කළද, පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම මත කාන්තාවන් විසින් රැකිය යුතු අෂ්ට ගරු ධර්ම පනවා භික්ෂුණී ශාසනය පිහිටුවීමට අවසර ලබාදී ඇත්තේ අදවන් දිනයකය.
භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබයි.
එමෙන්ම තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් සඳහන්.
