Spread the love

බූස්ස බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයකදී එම බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවෙයි..

බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඔවුන් සිටින සිර මැදිරිවලින් වෙනත් සිරමැදිරිවලට මාරු කිරීමට යාමේදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී ඇති බව වාර්තා වේ.

එම අදාළ මාරුකිරීම්වලට රැදවියන් විරෝධය පළ කර ඇති අතර එහිදී රැදවියන් විසින් සිදුකළ පහරදීමේදී බන්ධනාගාර අධිකාරිවරයෙකුට මෙසේ තුවාල සිදුව ඇති බව සඳහන් වේ.

බන්ධනාගාර අධිකාරිවරයාගේ නාසයට තුවාල සිදුව ඇති බව ද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වන විට තත්ත්වය සමතයකට පත් කර ඇති බව වාර්තා වේ.