පොළොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලෙන් ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් පිරිසක් රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
මාස දෙකකට ආසන්න කාලයක සිට රෝහලේ පවතින පිස්ටියුලා කටු හිඟය හේතුවෙන් පෞද්ගලික ෆාමසිවලින් ඒවා රුපියල් 900-1000ක මිලකට මිලදී ගැනීමට සිදුවීම ඔවුන්ගේ දැඩි අපහසුතාවයට හේතු වී ඇත.
මෙම විරෝධතාවය මගින් රෝගීන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ රෝහල මගින් අවශ්‍ය පිස්ටියුලා කටු ලබා දෙන ලෙසයි.
වර්තමානයේ රෝහලේ ලියාපදිංචි වී සිටින රෝගීන් 600කට ආසන්න සංඛ්‍යාවක් මෙම කටු හිඟයෙන් දැඩි පීඩාවට පත්ව සිටිති.
විරෝධතාකරුවන් සඳහන් කළ පරිදි, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් මීට පෙර ලිපි කිහිපයක් මගින් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළ ද, මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නැත.
ඔවුන් තවදුරටත් කියා සිටියේ, ජීවිතය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පිස්ටියුලා කටු කඩිනමින් ලබා දෙන ලෙසයි.
