Spread the love

විපක්ෂයෙන් නිවැරදි කාර්යභාරයක් ඉටුවන ආකාරයක් දක්නට නොලැබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසයි.

ඒ අනුව, ගියවර පාර්ලිමේන්තුවේදී මෙන් කෑගසා, පාර්ලිමේන්තුවේ කාලය කා දැමීම පමණක් ඔවුන් සිදු කරන බවත්, විපක්ෂයක් යනු ඒ ආකාරයෙන් කටයුතු කරන්නක් නොවන බවයි අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළේ.

විපක්ෂය විසින් සිදු කළ යුත්තේ රටේ තිබෙන ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම බවද, විපක්ෂ නායකත්වය ද ඉතාම දුර්වල මට්ටමක ඇති බවද ඇය ප්‍රකාශ කළේය.

භාෂාවක දැනුවත්කම යනු, රටක් කිරීමට හැකි බව නොවන බවත්, භාෂාවක් නොදැනුවත්කම යනු ‘රට කරන්න බැහැ’ යන්න නොවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.