Spread the love

මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු මයැයි තමන් යෝජනා කරන්නේ ඒ නිසා බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම මේ මොහොතේ නුසුදුසු බවයි.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතු බවත් පවතින තත්වය තුළ පාර්ලිමේන්තු මැතිවරණයකින් මේ මොහොතේ ස්ථාවර ආණ්ඩුවක් බිහි නොවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණය පැවැත්වීමෙන් යලිත් ස්ථාවර ආණ්ඩුවක් රටට බිහිකර ගත හැකිවනු බව ඇමතිවරයාගේ අදහසයි.

මේ බව කියා සිටියේ පක්ෂය සවි බල ගැන්වීම සහ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මීරිගම ආසනයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිණි.

තමන් රනිල්ගේ ගොට්ටෙක් නොවන බවත් තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂයට නොයන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අසාධාරණයක් නොකරන බවත් සහතික වූයේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා,

“මැතිවරණයක් එනකොට එක එක කාලෙට එක එක මතවාද හැදෙනවා. එක කාලෙක “ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” කියලා හැදුවා. දැන් අලුත්ම මත වාදය තමයි “75 වසරක සාපය”. ජනතා විමුක්ති පෙරමුණ හදන කතාවක් තමයි මේ අවුරුදු 75ම කෑවා මුන්ට එක පාරක් හරි දිලා බලන්න කියලා මතයක් හදනවා. මේ වෙලාවේදී මේ රටේ බහුතරයක් ලක්ෂ 05 ලක්ෂ 45ක් කරන්න හදනවා. එහෙම කරන්න සියයට 400කින් වැඩි වෙන්න වෙනවා. ඒ අය දන්නවා ඒකට යන්න අමාරුයි ඒ නිසා එක එක කණ්ඩායම් ඉලක්ක කරගෙන මතවාද හදනවා. අවුරුදු 75ක සාපය ගැන කියන කොට අපේ පාක්ෂිකයන්ට මේවාට උත්තර දුන්නේ නැත්තම් ඔලුව වන වන අහගෙන ඉන්නවා මිසක් ප්‍රතිවිරුද්ධ මතවාද ඇති කරන්නේ නෑ. අපි ඒකට වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.