Spread the love

නාගොඩ -සුමන
දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සඳහා ගුරු පුරප්පාඩු 700ක් පමණ පළාත් පාසල්වල පවතින බව බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.
ඒ හේතුවෙන් එම මාධ්‍යවලින් විෂයන් ඉගෙන ගන්නා සිසුන් දුෂ්කරතාවයට පත්ව තිබේ.
ප්‍රමාණවත් තරම් සුදුසුකම් සපිරූ උපාධිධාරීන් නොමැතිවීමත් පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට ගැටලුවක් බව පැවසුවාය.
ඒ අනුව අදාළ පුරප්පාඩු සම්පූර්ණ කළ යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පළාත් සභාව මේ වනවිට උපදෙස් ඉල්ලා තිබේ.
එම උපදෙස් ලැබුණු පසු බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතයි.
පළාතේ සෙසු ගුරු පුරප්පාඩු සඳහා 2800කට අධික පිරිසක් පසුගියදා බඳවා ගැනුණි.