Spread the love

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැගුණ දවසට යුක්තියේ මෙහෙයුම අවසන් වන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

මෙහෙයුම් අතර මැද නවතා දැමුවහොත් නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් පොලිස්පතිවරයා අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

එමෙන්ම පාතාලය සමග සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ රටේ මත්ද්‍රව්‍ය සහ පාතාලය ඉවරයි කියලා මේ රටේ මහජනතාවට හැගෙන දවසට තමයි මේක ඉවර කරන්නේ. එතෙක් මේක අපිට කරන්න ‍වෙනවා. මොකද හේතුව භාගෙට ඉවර කරලා මේක නැවැත් වුවහොත් එහෙම මේක තිබූ තැනට ආපසු වැටෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. හොඳ අවබෝධයක් අපිට ඒ ගැන තියෙනවා යැයිද පැවසුවේය.