Spread the love

නිමල් රාජපක්ෂ-

පාදුක්ක ,හෝමාගම ,අවිස්සාවේල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ කල සෝදිසි මෙහෙයුම් වලින් නිති විරෝධි මත්පැන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත්කොට හා බලපත්‍ර ලත් ස්ථාන වල සිදුකළ වැරදි සදහා කාර්මික අපරාධ වාර්තා ලබාදි සමථ ගාස්තු අයකොට රුපියල් මිලියන 22 දඩ ආදායමක් රජයට ලබා දීමට සමත්වු බව පාදුක්ක සුරාබදු ස්ථානාධිපති ඒ .ආර්. ලැම්බට් මහතා පවසයි.
කෑගල්ල සුරාබදු අධිකාරි වරයා වශයෙන්ද සේවය කරන ලැම්බට් මහතා පාදුක්ක සුරාබදු ස්ථානාධිපති වරයා ලෙස සේවය කරන අතර පසුගිය වසරේ දි නිිති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම කරුවන් 550 ක් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල හා හෝමාගම අධිකරණ වෙත සැකකරුවන් ඉදිරිපත්කොට රුපියල් මිලියන දාහතරක දඩ මුදලක් අයකර ගැනීමට සමත්වී ඇත.
මෙම සෝදිසි මෙහෙයුම් වලදී කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නිී ති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාර 30 ක් සමගින් සැකකරුවන් 40 ක් අත්අඩංගුවට ගැනීමට පාදුක්ක සුරාබදු නිලධාරීන්ට හැකිවී තිබේ.
අදාල බලප්‍රදේශයේ බලපත්‍ර ලත් හෝටල් ආපනශාලා, රටබීම හල් හා කැරෝකී ආපනශාලාවල සිදු කල පරික්ෂාවකදි බලපත්‍ර කොන්දේසි කඩ කිරිමේ වරදට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට අදාල බලපත්‍ර ලාභීන්ගේ පෙරවැරදි සලකා බලා සහකාර සුරාබදු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමේන් පසු රුපියල් මිලියන අටක සමථ ගාස්තුවක් අයකර ගැනීමට සත්වී තිබේ .ඒ අනුව ගතවු වසර සදහා රුපියල් මිලියන 22 දඩ ආදායමක් පාදුක්ක සුරාබදු නිලධාරීන් රජයට ලබා දීමට සමත්වු බව ද ඒ .ආර්. ලැමබට් මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු පාදුක්ක සුරාබදු ස්ථානාධිපතිවරයා