“සිහින ගමනාන්තය” (Dream Destination) ව්‍යාපෘතිය යටතේ මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීම අද සිට ( 15) ආරම්භවෙයි.
මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි
ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් ලෙස මරදාන දුම්රිය ස්ථානය සැලකෙන අතර, වර්තමානයේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතුරින් දෙවැනි විශාලතම දුම්රිය ස්ථානය වන්නේද මරදාන දුම්රිය ස්ථානයයි.
සාලි මරික්කාර් විසින් බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉතා කෙටි කාලයකින් වර්තමානයේ දිස් වන මරදාන දුම්රිය ස්ථානය ඉදිකර, 1908 නොවැම්බර් 9 වැනිදා සිට විවෘත වූ බව වැඩිදුරටත් සඳහන්.
