Spread the love

2025/26 මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට ලියාපදිංචි වීම සඳහා මේ වන විට පහසුකම් සලසා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ඒ සඳහා www.agrarian.lk සහ www.agrariandept.gov.lk යන වෙබ් අඩවිවල අදාළ පහසුකම් සලසා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම පද්ධතිය තුළ බඩ ඉරිඟු වගා කරන සියලුම ගොවීන් ලියාපදිංචි විය යුතු බවත්, අදාළ සියලු ගොවීන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙන්ම ලියාපදිංචි වීම සම්බන්ධයෙන් වූ උපදෙස්ද මේ වන විට නිකුත් කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වන්නේ.