නිමල් රාජපක්ෂ –
නිකදළුපොත දීගම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර තුනක් හා මත්ජාවාරම් කරුවකු වටලා රුලියල් ලක්ෂ නමයක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 4 දෙනෙකු කුරූණෑගල සුරාබදු නිලධාරීන් පෙරේදා (16) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු බෝතල් 700 ක් , ගෝඩා ලීටර් 800 ක් දගර 3 සමගින් පෙරණ උපකරණ තොගයක් සොයාගත් බව කුරුණෑගල සුරාබදු නිලධාරින් පවසයි.
මෙහිදී කසිප්පු බෝතල් සමගින් අත්අඩංගුවට ගත් සැකකරු එදිනම කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ වරද පිළිගත් සැකකරුට රුපියල් ලක්ෂයක දඩමුදලක් ගෙවන ලෙස නියම කොට ඇත.
ඉතිරි සැකකරුවන් ඉදිරියේදී කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිිරීමට නියමිතය.
වයඔ පළාත් (1) සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ මහතාගේ උපදෙස් මත, කුරුණෑගල සුරාබදු අධිකාරී අරුණ සෝමරත්න මහතාගේ අධීක්ෂණය හා සහභාගීත්වයෙන් කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නලින්ද ප්‍රසන්න කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂක බී.එල් . විජේසිංහ සැරයන් 654 අමරානන්ද. කෝප්රල් වරුන්වන 729 විරසිංහ. 840 ගර්දිආරචි. 1039 කස්තුරිආරචි. නියාමකවරුන්වන 1215 සුරංග. 1223 ජයලත්. 1290 රන්දික. රියදුරු චන්ද්‍රසේන සහ වයඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක ජයම්පති බණ්ඩාර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
වීඩියෝව නරඹන්න,
