Spread the love

ජාතික ජන බලවේගය විසින් මෙවර මැයි දින රැලිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ සදහා සියලුම මැතිවරණ කොට්ඨාශය ආවරණය වන ලෙස පිරිස් කැඳවන ලෙස දැනටමත් සංවිධාන කටයුතු සිදු කර තිබේ.

ජාතික ජන බලවේගය ලෙස මැයි දින රැළිය පමණක් මෙවර සංවිධානය කර ඇති අතර වෙනදා ජනතා විමුක්ති පෙරමුණ නමින් සංවිධානය කරන ලද ද මැයි දින පෙළපාළිය මෙවර නොපැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි.