Spread the love

චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බව ඔහු පවසයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (28) දිනය වන විට ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් භාරයේ තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.