Spread the love

මුල්කිරිගල ගුණරත්න

මෝටර් රථයකින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල තරුණ අඹුසැමි යුවළක් ඊයේ (11) සවස හම්බන්තොට ගොන්නොරුව පාරේ සිදුකල වැටලීමකදී හම්බන්තොට මූලස්ථාන පොලිසියේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ .

අත් අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු තණමල්විල ,සූරියආර,කුමාරගම හන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .ඔහු ලග තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රැම් 21 මිලිග්‍රෑම් 750 ක් සහ ව්‍යාජ හැදුනුම් පතක් සොයාගත් බවද පොලිසිය පැවසීය . ව්‍යාජ හැදුනුම් පත ඇඹිලිපිටිය මොරකැටිය ලිපිනයකට සකස් කල එකකි.

අත් අඩංගුවට පත් සැකකාරිය තිස්සමහාරාම, මහින්දපුර ප්‍රදේශයේ පදිංචි කාරියකි . 33 හැවිරිදි වියේ පසුවන ඇය ලග තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 05 මිලිග්‍රෑම් 600 ක් සොයාගත් බව පොලිසිය පැවසීය .

සැකකාර අඹුසැමි යුවළ අද ( 12) වන දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ . හම්බන්තොට විශේෂ කාර්යාංශයෙන් ලබාදුන් තොරතුරක් මත හම්බන්තොට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හසිත මහතා ඇතුළු නිළධාරින් මෙම වැටලීම සිදු කළහ.