Spread the love

නිමල් රාජපක්ෂ –

කොළඹ අවට හෙට(13) දිනයේ පැවැත්වෙන ක්‍රිකට් තරගයක් නැරඹීමට එන අය ට වැඩි මිලට අලෙවි කිරීම සදහා කැබ් රථයක ගබඩා කර තිබු රුපියල් ලක්ෂ 23ක් වටිනා දේශීය හා වෙිදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (11) කොළඹ ගංගාරාම ප්‍රදේශයේදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඅඩංගුවට ගෙන ඇත.

එත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ රජයේ අනුමත අරක්කු බෝතල් 450 ක් තිබු බවත් ඒවායින් අරක්කු බෝතල්12 බැගින්වු පෙට්ටි 35 ක්ද, ජින් බෝතල් 12 බැගින් ඇසුරූ පෙට්ටි 05ක් ද,තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නීල් ඒකනායක මහතා පවසයි.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගය සමගින් සැකකරු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්එම්.බී.එන්.ඒ.පේමරත්න මහතාගේ උපදෙස්මත, නියෝජ්‍ය සුරාබදු කොමසාරින් තිස්ස කුමාර රාජපක්ෂ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පී.එන් .හේමන්ත යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවීමනේ , පරීක්ෂක සරත් ජයවීර මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.