මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවලක් ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් බිරිද එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී යතුරු පැදිය ධාවනය කල සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසීය.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන මොහිදින් මස්ජිත් ප්‍රදේශයේ පදිංචිව සිටි නෛයි ජනීරි ඉග්‍රාම් නැමති (44) හැවිරිදි දෙදරු මවකි.
අඹු සැමි යුවල නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදි කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී අපරික්ෂාකාරි ලෙස යතුරුපැදිය ලොරි රථය ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදි යතුරුපැදිය ලිස්සා ගොස් බිම පෙරලී ඇති අතර, එහිදි යතුරුපැදියේ පසුපස ගමන් ගත් බිරිද ලොරි රථයේ පසුපස රෝදයට යට වී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
(31) දින අලුයම 5:45ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවත්, රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවත්, ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.
මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.
