Spread the love

නිමල් රාජපක්ෂ

නගර් කෝවිල් (නැගෙනහිර ) වෙරළතීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදි රුපියල් ලක්ෂ 160 ක් වටිනා කේරල ගංජා තොගයක් යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග එක්ව අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් ගංජා තොගයේ කේරල ගංජා කිලෝග්‍රෑම් 80 ක් අඩංගු පාර්සල් 40 ත් තිබු බව යුධ හමුදා බුද්ධි අංශය පවසයි.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ කටයුතු මරදන්කේණි පොලිස් ස්ථානය සිදු කරනු ඇත.