Spread the love

නිමල් රාජපක්ෂ
.

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සංවිධානය කළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි වැදගත්කම පිළිබඳ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ 07, පදනම් ආයතනයේදී අද ( 07) පෙරවරුවේ පැවැත්විණි.

මහනගර සභා කොමසාරිස්වරුන්, නගර සභා සහ ප්‍රාදේශිය සභා ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මේ සඳහා සහභාගි විය.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි නෛතික පසුබිම පිළිබඳ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ, නිමල් ආර්. රණවක මහතා විසින් පැවැත්වු අතර, රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් තිලක් නන්දන හෙට්ටිආරච්චි මහතා විසින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිළිබඳව හැඳින්වීමක් සිදු කරන ලදී.

ජාතික භාෂා හා අධ්‍යාපන පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ෂමින්ද මහලේකම් මහතා විසින් ජාතික භාෂා හා අධ්‍යාපන පුහුණු ආයතනය පිළිබඳව හැඳින්වීමක් සිදු කළ අතර, භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධව රාජ්‍ය නිළධාරීන්ට පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීමද මෙහිදී සිදු විය.