නිමල් රාජපක්ෂ–
පොහොය දින (06)සියළුම සුරාසැල් වසා තැබීමට නියමිතය තිබු අතර මඩාටුගම පුබ්බෝගම පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ආපන ශාලාවක මත්පැන් අලෙවි කිරීමේදි අනුරාධපුර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් වටලා සුරාබදු කොමසාරිස් ජෙනරාල්එම් .බී.එන්.ඒ පේමරත්න මහතා දැණුවත් කල විට ඒ මොහොතේම සිල් තැබීමට නියෝග කොට තිබේ.
අදාල ස්ථානය සීල් තබා බලපත්‍ර ලාභියාට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කිරීමට අනුරාධපුර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.
පොහොය දින දිවයින පුරා සියළුම සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා නියෝග කොට තිබියදී බලපත්‍ර කොන්දේසි කඩකරමිින් මත්පැන් අලෙවිකල මඩාටුගම රටබීම හලක්ද සීල් තැබීමට ඊයේ දිනයේ පියවර ගෙන තිබිණ.
ඒ අනුව ඉදිරියේදී අදාල බලපත්‍ර ලාභියා සුරාබදු කොමසාරිස් ජෙනරාල් ම් .බී.එන්.ඒ පේමරත්න මහතාවෙත ඉදිරිපත් කොට සමථ ගාස්තු නියම කිරීමට කටයුතු කෙරේ.
උතුරු මැද පලාත් සහකාර සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල විජේසිංහ මහතාගේ උපදෙස් මත අනුරාධපුර සුරාබදු අධිකාරී කලාරසික විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් , අනුරාධපුර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති එස්.ඒ තිලකරත්න මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු පරීක්ෂක සී.ජී. වන්නිනායක , කෝප්‍රල්වරුන්වන 854 ආර්.පී.දිසානායක , 935 ඒ.සි . අධිකාරී,නියාමක රියදුරු මනම්පේරි යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.
