Spread the love

තමන් පුද්ගලික වාසියක් නොලැබුවද රජයට යම් පාඩුවක් සිදු කරන්නේ නම් ඔහු දූෂණය නමැති වරදට හසුවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි. 

දේශපාලනඥයින් කියන දේ නොකරන රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතු බවයි ඔහු කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් සඳහන් කළේ. 

අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ සංගමයේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් , මහාධිකරණ විනිසුරු රංග දිසානායකගේ ප්‍රධානත්වයෙන්.