නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 07 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා විදුලිය අත්හිටුන බැවින් පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම් අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ හේතුවෙන් පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක / සිදුව නගර සභා බල ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.
කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවිමටයි කටයුතු කර ඇත්තේ.
