Spread the love

නිමල් රාජපක්ෂ 

රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් රැගෙන මෙරටට පැමිණි ඩින ජාතිකයින් 9 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපලේදි රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත..

අත්අඩංගුවට ගත් උපකරණ තොගයේ ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06ක් තිබු බවත් මොවුන් ඇලුම් අස්සේ ඉතා සුක්ෂම අයුරින් සගවාගෙන තිබියදී කොටු කර ගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත. 

චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 දරණ ගුවන් යානයෙන් අද අලුයම 12.55 ට මෙම චීන ජාතිකයින් මෙරටට පැමිණ තිබිණ.

අත්අඩංගුවට ගත් චින ජාතිකයින් පිළිබව ගුවන් තොටුපල රේගු නිලධාරින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.