,
නිමල් රාජපක්ෂ
සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ, පෙරේදා ( 29) වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා තොගයක් (තෙත බර සහිතව) නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, උතුරු මැද සහ වයඹ නාවික විධාන එක්ව, 29 වැනි දින අළුයම් කාලයේ සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ විකිණීමට සූදානම්කර තිබූ සැකකටයුතු උර හතලිස් තුනක් (43) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උරතුල සූක්‍ෂම ලෙස අසුරා තිබු කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර සහිතව) මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.
තවද, අත්අඩංගුවට ගත් කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර, පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
