වැව් රක්ෂිත සලකුණු කිරීමේ කටයුතු මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදු නොකරන බව, එම දෙපාර්තමේන්තුවේ අතිරේක මැනුම්පති (ක්ෂේත්‍ර) එන්.කේ.යූ. රෝහණ මහතා සදහන් කලේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වැව් වල උපරිම ජල සීමාව සලකුණු කරන ලෙස ඉල්ලීමක් ලැබී ඇති බවත්, ඊට අදාළ සහයෝගය ලබාදීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව සූදානම් බවත් අතිරේක මැනුම්පතිවරයා අවධාරණය කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය
