Spread the love

නිමල් රාජපක්ෂ   2025 නැගෙනහිර පළාත් ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 43 ක ප්‍රතිපාදන මත අර්ෆානගර් පාලම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිම සදහා මුල් ගල් තැබීම විදේශ රැකියා හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා සහ  ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (2)  සිදුවිය.

2024 වර්ෂයේ නොවැම්බර් මස ඇති වූ අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය තුළ ඉතා අනාරාක්ෂිත තත්ත්වයක හා ගංවතුර තත්ත්වයන්ට මුහුණ දීම සදහා මෙම පාලම සුදුසු නොවු බැවින් එම වසරේ ගංවතුර අවස්ථවේදි නියෝජ්‍ය අමාත්‍යතුමා, ආණ්ඩුකාරතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් සිදු කරන ලද නිරික්ෂණයේදී ගන්නා ලද තීරණයකට අනුව මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලදී.