Spread the love

කුරුණෑගල දෙස සිට මීරිගම දෙසට මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වූ ඉන්ධන බවුසරයක් 41 km කණුව අසලදී (හරංකහව ප්‍රදේශයේ දී) කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටීමත් සමග එම රථ දෙක අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට කඩාගෙන පහළ පිහිටි වෙල්යායට වැටී තිබේ.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු මියගොස් ඇත.

ඉන්ධන බවුසරයේ රියදුරු සහ රිය සහායක යන දෙදෙනා තුවාල ලබා මීරිගම රෝහල වෙතයි ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.