Spread the love

නිමල් රාජපක්ෂ

යුධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමඟ එක්ව වව්නියාව, මුන්නිමුරිප්පු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී කැබ් රථයක් තුල සුක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 53,850,000.00 ක පමණ වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (19) සවස 3.00 පමණ අත්අඩංගුවට ගනෙ ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් මත්පෙති තොගයේ Pregabalin වර්ගයේ මත්පෙති 359,000 ක ප්‍රමාණයක් තිබු බව යුධ හමුදා බුද්ධි අංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍රදේශයේ පදිංචි දු 23 හැවිරිදි පුද්ගලයෙකි.

මත්පෙති තොගය සමගින් සැකකුරු ඉදිරි විමර්ශන කටයුතු සදහා වව්නියාව පොලිසියට බාරදී තිතේබ