Spread the love


නිමල් රාජපක්ෂ-

කුරුණෑගල වැහැර ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තිරු බදු නොගෙවන ලදරුපියල් 1600 000/=වටිනා දුම්වැටි තොගයක් සමගින් කාන්තාවක් කුරුණෑගල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ විදේශීය දුම්වැටි 10 000 ක් තිබු බව කුරුණෑගල සුරාබදු නිලධාරීන් පවසයි.


අදාල කාන්තාව කාලයක් තිස්සේ විදේශිය සිගරැට් ජාවාරම ඉතා රහසිගතව කරගෙන ගොස් ඇති අතර ඉතා සුක්ෂම අයුරින් වෙළද සැල් වෙත බෙදාහැර ඇතැයිද ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී තිබේ.


අත්අඩංගුවට ගත් කාන්තාව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (30) ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සැකකාරියට මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ගෙවන ලෙස නියම කළේය.

වයඔ පළාත් (1) සහකාර සුරාබදු කොමසාරිස් නාලක මලවිපතිරණ මහතාගේ උපදෙස් මත ,කුරුණෑගල සුරාබදු අධිකාරී අරුණ සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ,කුරුණෑගල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නලින්ද ප්‍රසන්න කුමාර මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු පරීක්ෂකවරුන් වන විජේසිංහ, සේමසිංහ, සුරාබදු නියාමකවරුන් වන 1223 ජයලත් සහ කන්තා සුරාබදු නියාමක 94 කුලතුංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.