පෙන්නුවට, වංචාව නතර කරලා පෙන්නුවේ ඒගොල්ලෝ නම් නෙමෙයි. එදා තිබුණා සෞඛ්‍ය සේවයේ ප්‍රශ්නයක්. අනුර දිසානායක මහත්තයා අද ඒකට දඬුවම් දීලා හිරේට ඇරියේ නෑ. එක වචනයක් කියලා නෑ සෞඛ්‍ය සේවයේ ක්‍රියාවලිය ගැන. මේ රටේ ස්වාධීන වෛද්‍යවරු ඒ වගේම මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඒ විතරක් නෙවෙයි මේ රටේ සමාජ සමාජ ක්රියාකාරිකයෝ මහ පාරේ සටන් කරලයි අද කෙහෙළිය ඇතුළු පිරිස හිරේ දාලා තියෙන්නේ. VFS ගනුදෙනුවෙන් රට, අපේ දේශ සීමාව උගස් කරද්දි විදේශිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ අනුර දිසානායක වචනයක්වත් කියලා තියෙනවද? නෑ. ඒකත් උසාවි ගිහිල්ලා නතර කරලා ඉන්දියාවේ පෙට්ටි කඩේකට විකුණපු ඒ දේශ සීමාව රැකලා දුන්නේ මමයි, සුමන්දිරන් මහත්තයයි, හකීම් මහත්තයයි උසාවියට ගිහිල්ලා. ඒ නිසා අපි දූෂණය නවත්තන්න, නිකන් ෆයිල් පෙන්න පෙන්න ඉඳලා නෑ. ඇත්තටම අපි දූෂණය නවත්තලා තියෙනවා. ඒ වගේම මේ අරගලය අපි ඉදිරියට ගෙනියනවා. මේ රට බංකොලොත් කරන්න ක්‍රියාකරපු සියලුම දෙනාට දඬුවම් ලැබිලා, යුක්තිය ඉටු වෙනකන් මේ අරගලය ගෙනියනවා. ඒකට අවශ්‍ය කරන ජන බලය, ජන ශක්තිය සැප්තැම්බර් විසි එක් වෙනිදට සජිත් ප්‍රේමදාස මහත්තයට ඔබේ ඡන්දයෙන් ලබා දෙන ලෙස ඉල්ලනවා.”
