Spread the love

පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා (09) දින පස්වරුවේ සමත්විය.

සෙරන්ඩිප් ගිනස් වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ (08) දින පස්වරු 3 ට නල්ලතන්නිය ශ්‍රි පාද පිවිසුම් මාර්ගයෙන් ගමන් ආරම්භ කල ප්‍රින්ස්ලි ලියනගේ මහතා පැය 1 විනාඩි 20 ක් තුල ශ්‍රි පාද උඩ මළුව වෙත ගමන් කර එතැන් සිට දෙවනුව ශ්‍රි පාද එරත්න මාර්ගය ඔස්සේ අඩවි කන්දට බැස නැවත එම මාර්ගයේම ශ්‍රි පාද උඩ මළුවට ළගා විය.

තෙවනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද පලාබද්දල මාර්ගය ඔස්සේ පහලට බැස එම මාර්ගයෙන්ම යලිත් ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි සිව්වනුව ශ්‍රි පාද උඩ මළුවේ සිට ශ්‍රි පාද මාලින්බොඩ මාර්ගය මාලින්බොඩ දක්වා බැස එතැන් සිට එම මාර්ගයෙන්ම ශ්‍රි පාද උඩ මළුව වෙත (09) දින පස්වරු 1.15 පමණ ශ්‍රි පාද උඩ මළුව වෙත ළගා වි ශ්‍රි පාද උඩ මළුවේ සිට යලිත් නල්ලතන්නිය දක්වා පැය 1 විනාඩි 40 ක් තුල නල්ලතන්නිය වෙත පැමිණ සිය වාර්තාව පිහිටුවිමට සමත්විය.

රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා සෙරන්ඩිප් ගිනස් වාර්තාව පිහිටුවිමට අපෙක්ෂා කල කාලයට වඩා විනාඩි 14 ක් කලින් කිලෝමිටර් 88.8 ක් දුර පාගමනින් ගොස් සිය වාර්තාව පිහිටුවිමට සමත් විය.