Spread the love

රුපියල් ලක්ෂ 05කට අධික මත්කරල් 5,000ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල්  134,000ක්ද සමගින් සැකකාරිය ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් විසින් මත්කරල් අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සිදුකරන ලද සෝදිසියේදී නිවසේ කාමරයක තිබූ අල්මාරියක සඟවා මෙම මත් කරල් තොගය පොලීසියි විසින් සොයාගෙන ඇත.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකාරිය මින් පෙරද හොරොයින් සමග පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බවය.

අත්අඩංගුවට ගත් කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි