Spread the love

මුල්කිරිගල – ගුණරත්න

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර ගණනකින් කිසිදු සංවර්ධනයක් නොවූ මාර්ග හතරක් මේ වනවිට සංවර්ධනය කර ඇත. මේ යටතේ වලස්මුල්ල දකුණ වලස්මුල්ල ජාතික පාසල් ක්‍රීඩා පිටිය අසල මාර්ගය, වත්තෙහේන්ගොඩ ඇත්පිටිය මාර්ගය, කැකිරිඕබඩ සිට පුස්කොළ යාය අගලබඩ මාර්ගය, කිරම මාපිටකන්ද බිඹුලේගොඩ හග්ගිතකන්ද මාර්ගය, යන මාර්ග හතර සංවර්ධනය කෙරේ.

මෙම මාර්ග සංවර්ධනය කිරීිම තුළින් පවුල් හාරදහසකට සෙත සැලසේ.

මෙහිදී එක් මාර්ගයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් වැයකර ඇත.

මේ යටතේ මාර්ග හතර සංවර්ධනයට රුපියල් ලක්ෂ අසූවක් ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ලබා දී ඇති බව වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කුමුදු සී ලොකුහේවාගම මහත්මිය පැවසුවාය.