Spread the love

සමගි ජන බලවේගයෙන් සිංහල – දෙමළ ජනතාව නියෝජනය කරමින් අකුරැස්ස, ලේ නම කොට්ඨාසය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රාමසාන්දරම් ලාසර් නමැති අපේක්ෂකයා තමාට ප්‍රාදේශීය සභා සභිකත්වය නොලැබුණැයි අකුරැස්ස ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පක්ෂ නායකත්වයට විරෝධය පළ කළේය.

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අකුරැස්ස ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරග කළ තමා ඉහළ ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කළත් ඊට අඩු ප්‍රතිශතයක් ඇති කෙනෙක් සභාවට ලැයිස්තුවෙන් පත්කර ඇති බවට චෝදනා කරමින් ඔහුගේ විරෝධතාව මෙසේ පැවැත්වීය.

සිංහල දමිළ ජනතාව වෙසෙන තම ප්‍රදේශයේ එම ජනතාව වෙනුවෙන් සේවය සිදු කිරීමට තිබූ අවස්ථාව උදුරාගෙන ඇතැයි ඔහු චෝදනා කළේය. ජාතීන් අතර සමඟිය, සුහදතාව ඇති කරන්නේ මෙලෙසදැයි ප්‍රශ්න කළ ඔහු ඉහළ නායකත්වය මේ සඳහා අවධානය යොමු කර තමාට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටියේය.