Spread the love

වගා නොකළ සියලු ඉඩම්වල වගා කිරීමේ ජාතික වැඩපිළිවෙලක් අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ‘එක මිටට ගොවිබිම’ ලෙස එය නම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරන්නේ.

මේ යටතේ දිවයින පුරා ඇති වගා නොකළ ඉඩම් හඳුනා ගැනීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය