වැලිපැන්න පොලිස් වසමට අයත් වැලිපැන්න ගබඩා හන්දිය ප්‍රදේශයේ පිහිටි අවන්හලකට ආහාර ලබා ගැනීමට ගිය පුද්ගලයින් හා ආපනශාලාවේ හිමිකරුවන් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළු කළ බව වැලිපැන්න පොලිසිය පවසයි
පුද්ගලයින් තුන්දෙනෙකු අවන්හල වෙත අද සවස ආහාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ ලබාගත් ආහාර පිළිබඳව කතාබහක් දුර දිග යාමෙන් මෙම ගැටුම ඇති වීි තිබේ.
ආපනශාලාවේ සේවකයින් මෙම පුද්ගලයින් තුන්දෙනාට තියුණු ආයුධවලින් පහර දී ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පහර දුන් පුද්ගලයින් තුන්දෙනෙකු මේ වනවිට වැලිපැන්න පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ රෝහල් කරගත කොට ඇත්තේ වැලිපැන්න, දෙනියාය සහ ඉත්තපාන ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.
මෙම පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් සොයා ඉදිරි විමර්ශන සිදුකරයි.
