Spread the love

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද (18) සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන ගත්තේය.

ඔහු මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

එමෙන්ම ඔහු මීට පෙර 2004-2005 වසරේ එවකට පැවති රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබුණි.

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිධාරියෙකි.