කොළඹ දිස්ත්‍රීක්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන බෞද්ධ සංවිධාන, ව්‍යාපාරිකයින් සම්බන්ධීකරණය කරමින් උත්කර්ෂවත් ලෙස වෙසක් සැමරීම සඳහා වෙසක් කළාප සංවිධානය කිරීමට පියවර ගෙන ඇති අතර ඒ පිළිබඳ සාකච්ඡා මාලාවේ කොළොන්නාව සාකච්ඡාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –
විදුලි බිල අඩු කළ යුතුයි. ඒ සඳහා අපි ආණ්ඩුව ඇතුලේ කතා කරනවා. දැන් විදුලි බිල අඩුකිරීමේ සීමාවෙ තියෙන්නේ. එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. විදුලි බිල අඩුකරන්න හැකි වෙන්නේ උමා ඔය විදුලිබලාගාරය ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිසයි. දැන් ලංකාවේ විදුලි පද්ධතියට මෙගාවොට් එකසිය විස්සක් උමා ඔයෙන් ලැබෙනවා.
අපේ සමාජය විශාල අභියෝග රාශියක් කරා ගමන් කරන වෙලාවක්.
ආර්ථික වශයෙන් අපි මුහුණ දුන් අමාරුම කාලපරිච්ඡේදය සම්පූර්ණ ජයග්‍රහණයක් බවට පත්කිරීමට අප කැප වී සිටිනවා. විවිධ සමාජ අභියෝගයන් නිසා අපේ ජනතාවගේ ජීවිත පිරිහී යාමට තුඩුදෙන අවස්ථා දක්නට පුළුවන්. එම තත්ත්වය වළක්වාලීමට භික්ෂූන් වහන්සේලාගේ මග පෙන්වීම, සක්‍රීය දායකත්වය බලාපොරොත්තු වෙනවා. පුරාණයේ සිට රැකගෙන ආ සිරිත්, විරිත්, සංස්කෘතිය හැදෙන වැඩෙන පරම්පරාවට දායාදකළ යුතුයි. එය සාර්ථක කිරීම සඳහා රජයක් හැටියට විවිධ දෙපාර්තමේන්තු හා රාජ්‍ය නිලධාරීන් හැටියට සියලු දෙනාගේ සහාය ලැබුණු ඇතැයි අප විශ්වාස කරනවා.
ප්‍රදේශයේ දියුණුව, ජනතාවගේ බලාපොරොත්තු සාර්ථක තත්ත්වයකට ගේන්න පුළුවන් දියුණුවකට පරිවර්තනය කිරීමේ කාර්යයට උරදෙන්න. මේ වෙනුවෙන් රජයේ දෙපාර්තමේන්තුවල ඉක්මන් මැදිහත්වීම අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන මාර්ගවල තිබෙන ගැටළු සහ අවහිරතාවයන් නිම කරලා ජනතාවට භාවිතා කිරීමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කළ යුතුයි. ඒ පිළිබඳ දෙපාර්තමේන්තු ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මේ වෙලාවේ අවධාරණය කරනවා.
දිස්ත්‍රික ලේකම්වරුන්ට වෙසක් උත්සවය සම්බන්ධයෙන් යම් යම් බලතල පවරා තිබෙනවා. ආණ්ඩුකාරවරුන් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. කිසිම ප්‍රදේශයක බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කිරීමේ අඩුවක් තියෙන්න බැහැ. රාජ්‍ය නිලධාරීන් හරහා මේ බව සහතික කළ යුතුයි.
පූජ්‍ය මඩුගල්ලේ ධම්මසිරි හිමි, පූජ්‍ය වෑකුඹුරේ පඤ්ඤානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ඇතුළු රජයේ නිලධාරීන්, වෙළෙඳ ව්‍යාපාරිකයින්, බෞද්ධ හා විවිධ සංවිධාන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
