Spread the love


නිමල් රාජපක්ෂ

එළඹෙන සිංහල හා හින්දු අවුරුදු සමයේ නීති විරෝධී ලෙස විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද විස්කි ,බැන්ඩි වැනි විදේශීය මත්පැන් හා තීරු බදු නොගෙවු සිගරැට් මිලදී නොගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
කිසියම් පුද්ගලයකු එසේ විදේශිය මත්පැන් හා සිගරැට් මිලදී ගෙන සිටියදි අත්අඩංගුවට ගැනීමට සිදු වුවහොත් සිය භාණ්ඩ රාජසන්තක කිීරීමටත් , මිලදි ගත් අයත් , භාණ්ඩ ළග තබා ගත් අයත් අත්අඩංගුවට ගෙන තිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.
මීට අවතරව සිංහල අවුරුදු සමයේ නීති විරෝධී මත් ජාවාරම මැඩ පැවැත්වීම සදහා විශේෂිත සුරාබදු කණ්ඩායම් පැය විසිහතර පුරාවට යොදවීමට පියවර ගන්නා බවද කීවේය.
ඒ වාගේම අවුරුදු සමයේ ඉන්දියාවේ සිට නීති විිරෝධි අයුරින් විශාල වශයෙන් තෙන්ඩු කොල හා බීඩි ගෙන්වීමට කටයුතුු කරන බැවින් එවැනී නීති විරෝධී දෑ බිඩි කර්මාන්තයේ නියුතු මහා පරිමාන හා කුඩා පරිමානයේ ව්‍යාපාරිකයින් මිලදි ගැනීමෙන් වලකින ලෙසද ඉල්ලා සිටී. එසේ තෙන්ඩු කොල හා බීඩී මිලදි ගෙන තිබියදී සුරාබදු කණ්ඩායම් වලට හසුවුවහොත් අදාල භාණ්ඩ රාජසන්තක කිරිරීමටත් , ඹහු මිලදී ගත් භාණ්ඩත් , මුදලුත් අහිමි වනු ඇත.
අදාල කාලසිමාවේ නිති විරෝධී විදේශීය මත්පැන් , සිගරැට් ,තෙන්ඩු කොල හා බීඩි ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගැනීම සදහා නාවික හමුදාව පොලීසිය හා ත්‍රිඩිඩ හමුදාව සමගින් සුරාබදු දෙපාර්තුමේන්තුව ඒකාබද්ධ මෙහෙයුම් දියත් කර තිබෙන අතර කිසියම් පුද්ගලයකු හසුවුවහොත් තරා තිරම නොබලා නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ .පේමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.