නිමල් රාජපක්ෂ-
කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා, ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඔක්තෝබර් 22 සහ 23 දෙදින පැවැත්වෙන NDTV World Summit 2026 ජාත්යන්තර සමුළුවේදී ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය, ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි ආර්ථික ගමන්මඟ පිළිබඳ සංවාදයකට සහභාගි වීමට නියමිතය.
“ 1988 වසරේ සිට ක්රියාත්මක වන, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්ය ක්ෂේත්රයන්හි ජාත්යන්තර ප්රවේශයක් සහිත ප්රමුඛ පෙළේ මාධ්ය ජාලයක් වන NDTV විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව සඳහා දේශපාලන නායකයන්, රාජ්යතාන්ත්රිකයන්, ප්රතිපත්ති සම්පාදකයන් සහ ව්යාපාරික නායකයන් එක්වීමට නියමිත අතර, මෙවර සමුළුවේ තේමාව වන්නේ “A World Between Orders” යන්නයි.
නියෝජ්ය අමාත්යවරයා ඔක්තෝබර් 22 වැනිදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත “Sri Lanka’s Economic Reset: Recovery, Resilience and the Road Ahead” යන සැසියට සහභාගි වෙමින් ශ්රී ලංකාවේ ආර්ථික ප්රකෘතිය සහ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගත හැකි ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වීමට නියමිතය.
මෙම ජාත්යන්තර සමුළුවට සහභාගි වීම ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික පරිවර්තනය, ආර්ථික ප්රතිසංස්කරණ සහ ඉදිරි සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජාත්යන්තර ප්රජාව සමඟ අදහස් හුවමාරු කර ගැනීමට වැදගත් අවස්ථාවක් වනු ඇත.
