.
නිමල් රාජපක්ෂ –
!ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි ක්ෂේත්රය ගෝලීය වශයෙන් ඉහළ තරඟකාරීත්වයක් සහිත කර්මාන්තයක් බවට පත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “Mineral Sands Technical Conference 2026” සුවිශේෂී තාක්ෂණික සමුළුව අද දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී (Galle Face Hotel)පැවැත්විණ..
. ලංකා වාණිජ මණ්ඩලය සහ ඕස්ට්‍රේලියාවේ Mineral Technologies ආයතනය එක්ව මෙහෙයවන මෙම සමුළුව සඳහා දේශීය හා විදේශීය ක්ෂේත්‍ර ප්‍රවීණයන් සහ ආයෝජකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් “ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි විභවතාවය විවෘත කිරීම” යන තේමාව ඔස්සේ විශේෂ ආරම්භක දේශනයක් පවත්වමින් සමුළුව නිල වශයෙන් ආරම්භ කරන ලදී. පාරිසරික සමතුලිතතාවය සහ තිරසාර පදනම සුරකිමින්, නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මෙම ක්ෂේත්රයෙන් උපරිම ඵල නෙලා ගැනීමටත්, විදේශ ආයෝජන දිනා ගැනීමටත් රජය උපරිමයෙන් කැපවී සිටින බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, විදේශීය තානාපතිවරුන් සහ ප්රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ද සහභාගී වුහ.
දවස පුරා පැවැති මෙම සමුළුවේදී ජාතික ඛනිජ ප්‍රතිපත්තිය, නවීන ඩ්රෙජ් (Dredge) තාක්ෂණය, ව්‍යාපෘති ආර්ථික විද්‍යාව මෙන්ම පතල් කැණීමෙන් පසු ඉඩම් නැවත ප්‍රතිසංස්කරණය කිරීම (Progressive Rehabilitation) සහ ගෝලීය ESG ප්රමිතීන් පිළිබඳව ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය වැනි රටවල ජාත්‍යන්තර විශේෂඥයින් විසින් කරුණු ඉදිරිපත් කළහ.
සැසිවාරයන්ගෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ඛනිජ වැලි කර්මාන්තය ජාත්‍යන්තර වෙළඳපොළ තුළ උපායමාර්ගිකව ස්ථානගත කිරීම පිළිබඳව විශේෂ සංවාද මණ්ඩපයක් (Panel Discussion) ද පැවැත්වී වුහ.. Capital Metals ඇතුළු ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආයතන රැසක අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සමුළුව, මෙරට ස්වභාවික සම්පත් මගින් උපරිම ජාතික ප්රතිලාභ අත්කර ගැනීම සඳහා තැබූ වැදගත් පියවරකි.
