Spread the love

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී (9) අද රාත්‍රී 7.00 ආරම්භ කිරීමට නියමිතයි

දෙරට අතර පැවැත්වෙන 10වැනි විස්සයි20 තරගාවලිය මෙයයි.

ඉන් තරගාවලි 5ක ජය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්ව සිටින අතර, අවසන්වරට පැවැත්වූ තරගාවලි 4හිම ජය තහවුරු කරගෙන සිටින්නේද ඔවුන්ය.

ශ්‍රී ලංකාවට මේ දක්වා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර, තරගාවලි තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.

ශ්‍රී ලංකාව හා නවසිලන්තය අතර පැවැත්වෙන්නේ 24වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගයයි.

මේ දක්වා පැවති තරග අතරින් තරග 7ක් ශ්‍රී ලංකාවද, තරග 13ක් නවසීලන්තයද ජයගෙන ඇත. 

අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙරටදී  පැවැත්වෙන්න 9වැනි විස්සයි20 තරගයයි.

ඉන්ද වැඩි ගෞරව හිමිකරගෙන සිටින නවසීලන්තය තරග 4ක් ජයගනිද්දී, ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 2ක් පමණි.

කෙසේ නමුන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 5කට පසුවය.

අවසන්වරට පැවැති එම තරගාවලියද තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත්ව සිටියි.