ගිනිඅවියක් ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැප් ගායක ශාන් පුතා හෙවත් කෞෂාන් ගුණරත්න සහ ඔහුගේ කළමණාකරු ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ගිනිඅවිය ලබාදුන් බව කියන පොලිස් නිලධාරියා අප්‍රේල් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
