දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එමෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.
තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
