Spread the love

නිමල් රාජපක්ෂ –

රටේ ප්‍රමුඛතම රාජ්‍ය ඉතුරුම් බැංකුවක් වන ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ(NSB) අධ්‍යක්ෂක මණ්ඩලයේ එකම කොටස් හිමියාවන මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 6 ක ලාභාංශයක් ප්‍රදානය කර තිබේ.


2024 වසර සදහා රුපියල් බිලියන 28.5බදු පෙර ලාභයක් (P B T) සහ 2025 වසරේ පළමු භාගය සදහා රුපියල් බිලියන 25.5 බදු පෙර ලාභයක් (P B T) වාර්තා කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සුවිශේෂී ප්‍රථිපල වාර්තා කර ඇති අතර එහි මෙහෙයුම් විශිෂ්ඨත්වය සහ හොද පාලන පිළිවෙත් හේතු කොට ගෙන මෙම සැළකිය යුතු දායකත්වය ලබා දීමට හැකිවී ඇත.