අකුරණ නිශ්ශංක
සිමෙන්ති පැටවු ලොරිරථයක තිරිංග අක්රීය වීම නිසා ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් හා ත්රී රෝද රථ හයක ගැටී මෙන් පසු විදුලි කණුවකද හැපී ලොරි රථය පෙරලීමෙන් පස් දෙනෙකු ජීවිතක්ෂණයට පත්වී ඇතැයි අලවතුගොඩ පොලීසය පවසයි .
අනතුර සිදු වී ඇත්තේ අද (19) පෙරවරු 10 ට පමණ මහනුවර යාපනය ප්රධාන මාර්ගයේ අකුරණ කුරගොඩ හයේ කණුව වංගුව අසළදීය .
අනතුර සිදු වීමත් සමගින් ලොරි රථයක් හා ත්රීරෝධ රථ දෙකක් ප්රපාතයට වැටී තිබේ.
අනතුරෙන් ත්රිරෝද රථවලද සිටි පිරිස් තුවාල ලැබු අතර ඹවුන් ප්රතිකාර සදහා මහනුවර මහ රෝහලට ප්රතිකාර සදහා ඇතුලු කර තිබේ.
අනතුර සිදු වීමත් සමගින් ප්රදේශයේ විදුලිය විසන්ධි කර තිබේ. එම අවස්ථාවේ දැඩි රථවාහන තද බදයක් තිබු බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අකුරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්ය ආයතනය අමතන්න
