නිමල් රාජපක්ෂ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ, සෞදි අරාබි රාජ්‍යයේ තානාපති, කාලීඩ් හාමඩ් නසර් අල්කතානි (Khalid Hamoud Nasser Alkahtani) මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
මෙහි දී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යය අතර පවතින දීර්ඝ කාලීන මිතුදම මෙන් ම, මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය පිළිබඳව සාකච්ජා විය.
එමෙන් ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ද දීර්ඝව මෙහි දී කරුණු, අදහස් හුවමාරු කර ගන්නා ලදී.
නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදී සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ බිහි කිරීමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව සෞදි අරාබි රාජ්‍යයේ ප්‍රශංසාව තානාපතිවරයා මෙහි දී අමාත්‍යවරයාට පළ කර සිටි අතර මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍යය සහාය ඉදිරියටත් ලබා දෙන බව තානාපතිවරයා මෙහි දී පැවසී ය.
සෞදි අරාබි රාජ්‍ය මෙරට සියලු අංශවල සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් සහයෝගය සිහිපත් කළ අමාත්‍යවරයා ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවත්, ලබාදුන් සහයෝගයට විශේෂ ස්තූතියක් ද සෞදි අරාබි රාජ්‍යයේ තානාපතිවරයාට අමාත්‍යවරයා මෙහි දී පළ කර සිටියේ ය.
