මාලන් විතාන
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ, කොළඹ රාජකීය විද්‍යාලීය ඇමරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදි ශිෂ්‍ය පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් අළුත්වැඩියා කෙරුණු හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තිස්සමහාරාම, මැදවැලෑන මහා විද්‍යාලයේ ගොඩනැගිලි හා පහසුකම් සිසු අයිතියට පත් කිරීම අද දින (2026 ඔක්තෝබර් 01) සිදු කෙරිණි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස, එම ජාතික වැඩසටහන යටතේ ක්‍රියාවට නැංවෙන විවිධ වැඩසටහන් සඳහා නාවික හමුදාව අඛණ්ඩව ප්රජාසත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.
ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලීය ඇමරිකා එක්සත් ජනපද නැගෙනහිර වෙරළ ආදි ශිෂ්‍ය පදනමේ මූල්‍ය දායකත්වයෙන් සහ දකුණු නාවික විධානයේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, මැදවැලෑන මහා විද්‍යාලයේ අළුත්වැඩියා කෙරුණු පංති කාමර ගොඩනැගිලි සහ සනීපාරක්ෂක පහසුකම් මෙලෙස සිසු අයිතියට පත් කිරීම, ශ්‍රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනයේ අණදෙන නිලධාරී සහ වැඩ බලන නාවික අණභාර නිලධාරී (හම්බන්තොට), කපිතාන් සේනක ප්‍රේමරත්නගේ ප්‍රධානත්වයෙන් සහ එම විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුභවතුන් හා සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරුණි.
