ඉන්ධන ගැටලුවට වාහන දිගු පෝලිම් පසුගිය 18 වැනිදා සිට පැවැති හෙයින් කොළඹ නගරයේ රථ වාහන නතර කිරීමේදී ගාස්තු අයකිරිම ඉවත් කලද හෙට (23) සිට යළිත් රථවාහන සදහා ගාස්තු අයකිරිමට පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසයි.
මෙම ගාස්තු අයකිිරීම හෙට පෙරවරු 6.00 සිට ආරම්භ කරනු ඇත. QR ක්‍රමවේදයට අනුව තෙල් පෝලිම් අඩු වීමත් සමගින් රථ ගාල්වල නිසි කලමණාකරනයක් යටතේ රථවාහන ගාස්තු අයකිරිම සිදු වන බවද කොළඹමහ නගර සභාව වැඩි දුරටත් පැවසුවේය.
