–
,නිමල් රාජපක්ෂ
ඉදිරි 2027 අයවැය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බවත්, අපේ අනාගත පරපුරට උරුම කළ යුත්තේ දූෂිත පසක් හෝ ප්ලාස්ටික්වලින් පිරුණු මුහුදක් නොව, නිදහසේ හුස්ම ගෙන නිරෝගීව ජීවත් විය හැකි පිරිසිදු, හරිත පරිසරයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරන ලද ‘ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය’ පිළිබඳ 3 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් අද (සැප්තැම්බර් 30) කොළඹ Cinnamon Lakeside හෝටලයේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
පරිසර හිතකාමී නවෝත්පාදන යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා සිදුවන පාරිසරික හානිය අවම කිරීම, පරිසර හිතකාමී විකල්ප හඳුන්වාදීම, චක්‍රීය ආර්ථික ආකෘති සංවර්ධනය සහ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි අවධානය යොමු විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නේ ප්ලාස්ටික් දූෂණය යනු පරිසර ගැටලුවක් පමණක් නොව, දේශගුණික අර්බුදය සමඟ ද සෘජුව සම්බන්ධ වූ ගෝලීය අභියෝගයක් බවයි. නියාමනයකින් තොරව කසළ ගොඩගැසීම මහජන ජීවිතයට මෙන්ම පරිසරයටද දැඩි තර්ජනයක් වී ඇති බැවින්, ආර්ථික සංවර්ධනයේ නාමයෙන් ස්වභාවික සම්පත් විනාශ කිරීම කිසිසේත්ම අර්ථවත් සංවර්ධනයක් නොවන බවද ඇය අවධාරණය කළාය.
ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ ඉදිරියේදී ප්‍රධාන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, 2027–2029 කාල සීමාව තුළ රුපියල් බිලියන 34ක පිරිවැයකින් “පිවිතුරු පුරවර” ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
මෙම ව්‍යාපෘතිය හරහා ප්ලාස්ටික් ඇතුළු දිරාපත් නොවන අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය සහ කොම්පෝස්ට් නිෂ්පාදනය පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, පාරිසරික සංරක්ෂණය සඳහා නීති රීති පමණක් ප්‍රමාණවත් නොවන බවත්, පරිසරය පිළිබඳ වගකීම අධ්‍යාපන පද්ධතිය තුළින්ම ගොඩනැගිය යුතු බවත් අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාරිසරික අධ්‍යාපනය, ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය කළමනාකරණය සහ චක්‍රීය ආර්ථික සංකල්ප පාසල් විෂය මාලාවට ප්‍රායෝගිකව ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටින බවද පැවසූ අග්‍රාමාත්‍යතුමිය, පාසල් මට්ටමින් “හරිත පාසල්” සංකල්පය ප්‍රවර්ධනය කරමින්, දරුවන් කුඩා වියේ සිටම ‘ශුන්‍ය අපද්‍රව්‍ය’ (Zero Waste) පුරුදු සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළාය.
මීට අමතරව, මෙම ගැටලුවලට ප්‍රායෝගික සහ නවෝත්පාදනාත්මක විසඳුම් සෙවීම සඳහා ඉංජිනේරු විද්‍යාව, සමාජ විද්‍යාව වැනි ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගත් අන්තර් විෂයීය ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස විශ්වවිද්‍යාල සහ පර්යේෂකයන්ගෙන් ඉල්ලා සිටියාය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පී. එම්. PMC තිලකරත්න, මහාචාර්ය ජේ. එම්. ඒ. මනතුංග, මහාචාර්ය බන්දුනී අතපත්තු, මහාචාර්ය ඇලෙක්ස් ලින් යන විද්වත් මණ්ඩල සාමාජිකයන් ඇතුළු දෙස් විදෙස් පර්යේෂකයන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල සිසුහු පිරිසක් එක්ව සි
